උණුසුම් පුවත්

පඩි වැඩිකර ගැනීම පිළිබඳ කරුණු කියන්න අද මහ බැංකුව පාර්ලිමේන්තුවට..

 මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් සියයට 70කින් වැඩි කරගැනීම පිළිබඳව කරුණු විමසීමට එහි ප්‍රධානීන් අද  පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔවුන් පක්ෂ නායකයින් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊයේ අමාත්‍ය මණ්ඩලය හමුවේ  පෙනී සිට තිබෙනවා.
එහිදී අමාත්‍ය මණ්ඩලය විසින් මහ බැංකු අධිපතිවරයා ඇතුලු නිලධාරීන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇති බව සදහන්.
පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වියදම් සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය විසින්  චක්‍රලේඛ පවා නිකුත් කලා.
එවන් පසුබිමක රුපියල් ලක්ෂ ගණනින් මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කර ඇති බවයි පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණ වුනේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page