දේශපාලන

පළාත් පාලන ඡන්දය නොපැවැත්වෙන බව ගැසට් මගින් දැනුම්දෙයි..

සැලසුම් කල පරිදි අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බවට ගැසට් නිවේදන මගින් දන්වා තිබෙනවා.

අදාළ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත්කර ඇති බව සදහන්.

ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරිමේ ගැටලුව මේ වන තුරුත් විසඳී නැහැ.

ඒ අනුව නියමිත දින ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බැවින් එය නැවත වරක් කල්දැමීමට සිදුවී ඇති බව අදාළ ගැසට් නිවේදනවල දක්වා ඇති බව සදහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page