ප්‍රධාන පුවත්

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්නම් දෙකක්..

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත පසුගිය 25 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සහ ව්‍යාපාරික කාන්තාවක් වන ජෙහාන් හමීඩ් මහත්මිය විසින් පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

පනත් කෙටුම්පත තුළින් 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් යෝජනා කර ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ.

මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති බරපතළ ලෙස උල්ලංඝනය වන බවත්
එමගින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වනු ඇති බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page