දේශපාලන

පළාත් සභා වලට දී තිබෙන බලතල ප්‍රමාණවත් බව ජනපති කියයි..

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙන්නේ.
තවද බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ.
13 වන සංශෝධනය මඟින් ලබාදී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙසද  සියලු පළාත්වල මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදින් සමඟ පැවති හමුවකදීයි.
සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීයවේදින් මීට එක්ව සිටි අතර, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ මතුකළ ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද පිළිසඳරකට ද එක් වුණා.
2024 – 2025 ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කෙරෙන වසර දෙකක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙරට ආර්ථික ප්‍රතිපත්තිවල සිදු කරනු ලබන උපායමාර්ගික වෙනසකම් පිළිබදව ද එහිදී අනාවරණය කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page