උණුසුම් පුවත්

ප්‍රදේශ කිහිපයකට යළි නාය යෑමේ අනතුරු ඇඟවීම්..

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ මීගහකිවුල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතිබව සදහන්.
එම දිස්ත්‍රික්කයේ මීට පෙර බදුල්ල, සොරණාතොට, කන්දෙකැටිය සහ හාලිඇල සඳහා නිකුත් කර තිබු පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ලුණුගල සහ පස්සර සඳහා නිකුත් කර තිබු දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමද තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුනා.
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සඳහාද එය බලපැවැත්වෙනු ඇති.
එම දිස්ත්‍රික්කයේ මීට පෙර පාතහේවාහැට ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ  පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම සහ උඩුදුම්බර සඳහා නිකුත් කර තිබූ නායයෑමේ රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශය සඳහා ද නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සදහන්.
මොනරාගල දිස්තික්කයේ මැදගම ප්‍රදේශයේ සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කලා.
 නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ හඟුරන්කෙත ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් ද තවදුරටත් දීර්ඝ කර ඇති බවයි එම සංවිධානය සදහන් කලේ.
මේ අතර සබරගමුව දකුණු බස්නාහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් පස්වරු කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලා.
කෙසේ වෙතත් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් අද සිට ඉදිරි දින කිහිපය තුල අපේක්ෂා කරන බව එම නිවේදනයේ සදහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page