ප්‍රධාන පුවත්

ප්‍රදේශ රැසක ඉන්ධන පෝලිම්.. සෙනසුරාදා හා ඉරිදාත් බෙදාහරින්න ඇමති උපදෙස්..

මේ වනවිට කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

මෙම තදබදය අවම කිරීමේ උපක්‍රමයක් ලෙස සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කලා.

අතිකාල වියදම් අඩුකිරීමේ අරමුනින් පසුගිය මාස 4ක කාලය තුළ රජයේ නිවාඩු සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් මත නවතා දමා තිබුනා.

මේ අතර  ඇතැම් ඉන්ධන පිරවුම්හල් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන ඇනවුම් සිදුනොකිරීම සහ අවම තොග පවත්වාගෙන නොයාම හේතුවෙන් මේ වනවිට හිඟයක් නිර්මාණය වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඉන්ධන මිල අඩුවීමේ අපේක්ෂාවෙන් එය සිදුකර ඇති බව සඳහන්.

 ඉන්ධන කෝටාව ඉහළ දැමීමත් සමඟ පාරිභෝගිකයින්ගේ ඉල්ලුම ඉහළ යාමද ඊට හේතුවී ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.

කෙසේ වෙතත් ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බවයි කංචන විජේසේකර මහතා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ.
අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑම විටම පවත්වාගෙන යායුතු වනවා.
එලෙස නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙසද ඛනිජ තෙල් සංස්ථාව වෙත අමාත්‍යවරයා දැනුම්දී ඇති බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page