විදේශීය

පාකිස්තානයේ ප්‍රදේශ රැසක තිරිඟු පිටි මූලික කරගත් ආහාර හිගයක්

පාකිස්තානයේ ප්‍රදේශ රැසක පවතින තිරිඟු පිටි මූලික කරගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය තීවෘ වී තිබෙනවා.ඒ, එරට ආනයන වරායෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට පාකිස්තානයේ බැංකු අපොහොසත් වීම හේතුවෙන්.ඒ අනුව මෙම තත්ත්වය එරට ආහාර සැපයුම් ජාලයට බරපතල තර්ජනයක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.මේ වනවිට රටේ පවතින සීමිත තිරිඟු පිටි සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල අඛණ්ඩව ඉහළයමින් ඇති බව සඳහන්.ඒවායේ හිඟයක් පවතින බවද වාර්තා වනවා.

තිරිඟු පිටි සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් කරච්චි වරාය තුළ සිරිවී ඇත්තේ ඒවා මුදාගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය ගණුදෙනු පියවීමට පාකිස්තානය අපොහොසත් වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.ආනයන සඳහා බාධා මතුවීම හේතුවෙන් පාකිස්තානයේ ඖෂධ සැපයීමද අවදානමක පවතින බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page