දේශපාලන

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සජබ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වනු ඇති.

ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307 ක් හිමිකරගෙන තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page