ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 3 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.
ඒ, ලකුණු 280 ක ජයග්රාහී ඉලක්කය හඹාගිය බංග්ලාදේශය පන්දුවාර 41 යි පන්දු 1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 282 ක් රැස්කරමින්.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් පන්දු 65කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 82 ක් රැස් කලා.
නජීම් ශැන්ටෝ ආරක්ෂාකාරී ඉනිමක් ක්රීඩා කරමින් ලකුණු 90ක් රැස්කරගත්තේ පන්දු 101 කදී හතරේ පහර 12 ක් සමගින්.
පන්දු යැවීමේදී ශ්රී ලංකාව වෙනුවෙන් ඩිල්ශාන් මදුශංක ලකුණු 69 කට කඩුලු 3ක් දවා ගත්තා.
ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ තැන නැවත හිමිකරගැනීමට ඩිල්ශාන් සමත් වුණා.
ඒ මේ දක්වා කඩ 21ක් ලබාගනිමින්.
මහීෂ් තීක්ෂණ සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 බැගින් දවාගත්තා.
Leave feedback about this