ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්රාමාත්ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 125 වැනි ජන්ම දින සැමරුම අදට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අබියසදී පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
මෙරට සිව්වන අග්රාමාත්යවරයා වන සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක උපත ලැබුවේ 1899 වසරේ අදවන් දිනකයි.
ඔහු අග්රාමාත්යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 1959 වසරේ සැප්තැම්බර් 26 වනදා තල්දූවේ සෝමාරාම නම්වූ චීවරධාරියෙකු ලෙසින් පෙනී සිටි පුද්ගලයෙකු විසින් ඝාතනය කරනු ලැබුවා.
Leave feedback about this