දේශීය

බදුල්ල බිබිල මාර්ගයේ පස්කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා..

බදුල්ල බිබිල මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

එම පස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන බව සදහන්.

මේ අතර බලංගොඩ වැහින්තැන්න ප්‍රදේශයේ නායයාමකට ලක්ව අතුරුදන්වූ පුද්ගලයන් සිව්දෙනාගේ මෘතශරීර හමුවී තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කලෙ යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකල මෙහෙයුමකදී ඊයේ පස්වරුවේ මෙම සිරුරු සොයාගත් බවයි.

එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනෙකුගේ සිරුර මෙලෙස හමුවී ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයන් අතර 16 සහ 10 යන වයස්වල පසුවන දැරියන් දෙදෙනෙකු වනවා.

මේ අතර උතුරු සහ වයඹ පළාත්වල වරින්වර ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

සෙසු පළාත්වලද පස්වරු 2 න් පසු මිලිමීටර් 50 ඉක්මවූ තදවැසි ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page