යළිත් ඩීසල් මිල ඉහල දැමීමට පියවර ගතහොත් බස්ගාස්තු අනිවාර්යෙන්ම වැඩිකිරීමට සිදුවන බව පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා.
එහි ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් මහතා කියා සිටියේ මේ වනවිට සමස්ත බස් කර්මාන්තයම පාඩු ලබන තත්වයට පත්ව ඇති බවයි.
මේ අතර සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ මිල ගණන් හා සමාන මට්ටමකට රැගෙනවිත් තිබෙනවා.
මීට පෙර ඔවුන් ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක්, අනෙකුත් සමාගම් දෙකට සාපෙක්ෂව රුපියල් තුනක් අඩුවෙන් අලෙවි කිරීමට පියවර ගෙන තිබුණා.
Leave feedback about this