උණුසුම් පුවත්

බීමත්ව රිය පදවා ගිය වසරේ ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අහුවෙලා..

 2023 වසරේ බීමත්ව රිය පැදවූ පුද්ගලයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එය එක්ලක්ෂ 24,760 දෙනෙකු බවයි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කලේ
එම වසරේ අප්‍රේල් මාසයේ දී බීමත්ව රිය පැදවීම් හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගල මරණ 07ක් සිදුව ඇති බවද ඒ මහතා කියා සිටියා.
මේ අතර උත්සව සමයේ රථ වාහනය පාලනය සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් යොදවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කලේ බස්නාහිර පළාත තුළ පමණක් නිලධාරින් 2000 ක් පමණ රාජකාරියේ යොදවන බවයි.
අවුරුදු සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 1000 කට ආසන්න පිරිසක් යොදවා තිබෙනවා.
 

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page