දේශීය

භික්ෂු ගිලන් මධ්‍යස්ථානයක විදුලිය කපලා.. ආදාහන පූජෝත්සව තුනක් අඳුරේම කරලා..

හංවැල්ල කළුඅග්ගල ගිරාඉඹුල භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ විදුලිය විසන්ධි කර තිබෙනවා.

ඒ, රුපියල් එක්ලක්ෂ 77,000 ක බිලක් නොගෙවීම හේතුවෙන්.

එම මධ්‍යස්ථානයේ ගිලන්වූ භික්ෂුන් වහන්සේ 68 නමක් වැඩවසන බවයි එහි අනුශාසක මෝදරවානේ අමිලසිරි හිමියන් සඳහන් කලේ.

ඇස් නොපෙනෙන, බිහිරි සහ විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී ඇති සරණක් නොමැති වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානයේ වැඩ වාසය කරන බවයි වාර්තා වන්නේ.

විදුලි විසන්ධිය සිදුකෙරූනු දිනයේ සිට මේ දක්වා භික්ෂූන් තිදෙනෙකු අපවත් වී ආදාහන පූජෝත්සව පැවැත්වීමට සිදුව තිබුනේද අඳුරු පරිසරයක බවයි  මෝදරවානේ අමිලසිරි හිමියන් සඳහන් කලේ.

විදුලිය විසන්ධි කිරීම නිසාවෙන් මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වෙත ජලය වත් ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබෙනවා.

ඒ පිළිබද විදුලිය විසන්ධි කිරීමට පැමිණි නිලධාරීන් වෙත  පැහැදිලි කිරීමක් සිදුකළ ද ඔවුන් ඊට එකඟ නොවූ බවයි මෝදරවානේ අමිලසිරි හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කලේ.  

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page