විදේශීය

භූමිකම්පාවකින් ජපානයේ මරණ දෙකක්..

ජපානයේ සිදුවු භූමිකම්පාවකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
එරට ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ අර්ධද්වීපයේ මෙම භූමිකම්පාව හටගෙන තිබෙනවා.
රික්ටර් මාපාංක 7.6 ක ප්‍රබලත්වයෙන් එය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.
භුමිකම්පාවෙන් හටගත් කම්පනයත් සමග ඇතිවු හෘදයාබාධයකින් එම දෙදෙනා මියගොස් ඇති බව සදහන්.
මේ අතර රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලා.
ජපානයේ හටගත් භූමිකම්පාව ඊට හේතුව බව සදහන්.
ඒ අනුව දකුණු කොරියාවේ බලධාරින් විසින් වෙරළබඩ නගරවල පදිංචිකරුවන් වෙත දන්වා ඇත්තේ මුහුදු මට්ටමේ සිදුවිය හැකි වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page