ප්‍රධාන පුවත්

මදුරු මර්දනයට සතියට දිනක් වෙන්කළ යුතයි.. සෞඛ්‍ය අංශ කියයි..

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් වැඩි විය හැකි බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිල හෙට්ටි මහත්මිය පවසනවා.

ඒ හේතුවෙන් සතියට එක් දවසක් හෝ  ඩෙංගු මර්දනය සඳහා කාලය වෙන් කල යුතු බව ඇය පවසනවා.

ඒ පිළබඳ ඉදිරියේ  චක්‍රලේකයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බව නිමල්කා පන්නිල හෙට්ටි මහත්මිය ප්‍රකාශ කළා.

මේ වනවිට ගෙවීයන මාසයේ ගත වූ දින 7 තුළ ඩෙංගු රෝගීන් 2,479 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

වසරේ ගත වූ කාලසීමාව තුළ හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,883 ක්.

ඒ අතරින් සියයට 22.1 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 21 ක්.

මෙම කාලසීමාව තුළ ඩෙංගු ආසාදනය වීම හේතුවෙන්  පුද්ගල මරණ  25 ක් සිදුව ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තාකර සිටිනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page