උණුසුම් පුවත් දේශපාලන දේශීය ප්‍රධාන පුවත්

මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ගරු විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඇතුළු විශේෂ දූත පිරිස අද දින ගරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවිය. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කල යුතු ඉදිරි වැඩසටහන් පිලිබඳව මෙන්ම පවතින අභියෝගාත්මක සමාජ ආර්ථික තත්වයන්ට මුහුණදීම සඳහා අසල්වැසි ‍රාජ්‍යයන් ලෙස ගතයුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන් පිලිබඳව මෙහිදී සාකච්ඡා විය. මෙම හමුව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් ද සහභාගි විය.

මහින්ද රාජපක්ෂ මාධ්‍ය අංශය

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page