උණුසුම් පුවත්

මාධ්‍ය සංවිධාන එකතුවී කතානායකට ලිපියක් යවයි.. වරප්‍රසාද වලට මුවාවී නිදහසට අත තබන්න එපා කියයි..

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් කතානායකවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, මාධ්‍යවේදින්ට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය භාවිත කරමින් ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට දරන උත්සාහය සම්බන්ධවයි.
එකමුතුව පෙන්වාදෙන්නේ ජන මාධ්‍ය මර්දනය කිරීම සඳහා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය යොදා ගැනීමට ආණ්ඩුව දරමින් සිටින උත්සාහයන් පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවයි.
මාධ්‍යවේදීන් බිය ගැන්වීම මගින් මහජනතාවට සත්‍යය දැන ගැනීමට ඇති අයිතිය අවහිර කිරීමට ගන්නා සියලුම උත්සාහයන් පිළිකුළින් යුතුව හෙළා දකින බවද එම ලිපියේ සඳහන්.
පනත් කෙටුම්පතේ පැවති දුර්වලතා හේතුවෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනමාධ්‍ය, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ විපක්ෂය ආරම්භයේදීම කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද එම ලිපියේ දැක්වෙනවා
මෙම පනත සම්බන්ධයෙන් හෝ වෙනත් පනතක් සම්බන්ධයෙන් විපක්ෂය විසින් කරන ලද ඉල්ලීමක් මාධ්‍ය මගින් වාර්තා කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් වන්නේ කෙසේද? යන්න පිළිබඳව ද මෙම ලිපිය ඔස්සේ ඔවුන් ප්‍රශ්න කර තිබෙනවා.
මෙහිදී ජනමාධ්‍ය උත්සාහ දරා ඇත්තේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් වාර්තා කරමින් එම ක්‍රියාවලිය නිවැරදි කිරීමට මිස කවර ආකාරයකින් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට බලපෑමක් කිරීමට නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ
මෙම තත්ත්වය ජනමාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තා කිරීමට ඇති අයිතියට බාධා කිරීමක් වන අතර එය මහජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය ද අවහිර කිරීමක් බවද  එම ලිපියේ සදහන්
ඒ හේතුවෙන් මෙම මාධ්‍ය සංවිධාන කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාදවලට මුවා වී මාධ්‍ය මර්ධනය කිරීමට ආණ්ඩුව දරමින් සිටින උත්සාහයට දායකත්වය ලබා නොදෙන ලෙසයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page