දේශපාලන දේශීය ප්‍රධාන පුවත්

මැතිවරණයක් පැවැත්වීට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම මහභාණ්ඩරගාරයට දැඩි අභියෝගයක්

මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම මහභාණ්ඩරගාරයට දැඩි අභියෝගයක් බව මුදල් අමාත්‍යංශය පවසනවා.
එහි ලේකම් කේ.එම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ, රාජ්‍ය ආදායම මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවයි.පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ලේකම්වරයා මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.
එම දිවුරුම් පෙත්සමේ සඳහන් කර ඇත්තේ, කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව 2021 වසරේ මෙරට අපනයන ආදායම සියයට 8යි දශම දෙකකින් පහත වැටුණු බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස එම වසරේ අයවැය පරතරය ද සියයට 11යි දශම 6කින් ඉහළ ගිය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රාජ්‍ය ආදායම බරපතල ලෙස කඩා වැටීම හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතු පවා ඉටු කරගැනීමට දැඩි අපහසු තත්ත්වයක් උද්ගතව ඇති බව ද අදාළ පෙත්සමේ සඳහන්.
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව පහත හෙළා ඇති බැවින් ජාත්‍යන්තර වෙළඳපොළෙන් අරමුදල් සම්පාදනය කරගැනීම ද නොහැකි වී ඇති බවයි පෙන්වා දෙන්නේ.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා මුදල් වෙන් කිරීම අපහසු තත්ත්වයක් නිර්මාණය වී තිබිය දී මැතිවරණයක් පැවැත්වීමට සිදු වූවහොත් ඒ සඳහා අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම අභියෝගයක් බවයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අවධාරණය කරන්නේ.
මැතිවරණයක් සඳහා අරමුදල් සපයන්නේ නම් රටේ ආර්ථික තත්ත්වය වඩාත් අයහපත් තත්ත්වයකට පත් වනු ඇති බව ද කේ.එම් මහින්ද සිරිවර්ධන මහතා ලබා දුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page