උණුසුම් පුවත්

මීයන් වවුලන් බේරෙයි.. රෝග ව්‍යාප්තියට මිනිසා වගකිව යුතුයි.. එංගලන්ත පර්‍යේෂණ කණ්ඩායමක් කියයි..

විවිධ ලෙඩ රෝග ව්‍යාප්තවීම ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව සිදුවන්නේ මීයන් සහ වවුලන්ගෙන් නොවන බවට අනාවරණ වී තිබෙනවා.
 විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණ වී ඇති බව සදහන්.
එම පර්යේෂණයට අනුව හෙළි වී ඇත්තේ මෙම සත්තුන්ට වඩා මිනිසාගෙන් රෝග සම්ප්‍රේෂණය ඉතා වේගයෙන් සිදු වන බවයි.
එංගලන්තයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකල පරීක්ෂණයකදී  සතුන්ට වඩා දෙගුණයක් වේගයෙන් මිනිසාගෙන් වෛරසයක් සම්ප්‍රේෂණය වන බවට අනාවරණ වී තිබෙනවා.
එම වෛරස් විශ්ලේෂණ අනුව බොහෝ අවස්ථාවන්හිදී  මිනිසුන්ගෙන් වෛරස් වෙනත් සතුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවට සොයාගෙන තිබෙනවා.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 64 ක් බව සදහන්.
මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් ද ඊට හේතුවනු ඇති.
 සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, පරිසර දූෂණය වැනි අහිතකර ක්‍රියාවන් හේතුවෙන් වේගයෙන් මිනිසාගෙන් විවිධ ලෙඩ රෝග සතුන්ට සම්ප්‍රේෂණය විය හැකි බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
මෙම තත්ත්වය මිනිසාට මෙන්ම සතුන්ටද තර්ජනයක් වන බවයි අදාල පර්යේෂණ කණ්ඩායම සඳහන් කර ඇත්තේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page