දේශීය

මුතුරාජවෙලට වායු විදුලි බලාගාරයක්..

මෙරට දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩමක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිතයි.

 2026 වසරේදී එහි වැඩ අවසන් කිරීමට සැළසුම්කර ඇති බවයි නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙමගින් ජාතික පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 350 ක්.

මෙම ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදිකිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල මිලියන 750 ක්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page