උණුසුම් පුවත්

මෙම වසරේ වැඩියෙන්ම පරිශීලනය කර ඇති වෙබ් පිටුව චැට් ජී.පී.ටී… විකිපීඩියා කියයි..

විකිපීඩියා වෙබ් අඩවිය මෙම වසරේ වැඩිම පිරිසක් පරිශීලනය කරන ලද වෙබ් පිටු 25 නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව වැඩිම පිරිසක් පරිශීලනය කර ඇති වෙබ් පිටුව වන්නේ චැට් ජී. පී.ටී. පිටුව බවයි වාර්තා වන්නේ.

එම වෙබ් පිටුව හරහා කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් පරිශීලකයා සමග ඕනෑම භාෂාවකින් සංවාදයක නිරතවීමට හැකියාව පවතිනවා.

මේ වසරේ විකිපීඩියා වෙබ් අඩවිය  බිලියන 84 ක් පරිශීලනය කර ඇති අතර ඉන් මිලියන 49 ක් පරිශීලනය කර ඇත්තේ චැට් ජී. පී.ටී. වෙබ් පිටුවයි.

ඉන් අනතුරුව ඩෙත්ස් ඉන් 2023 හෙවත් මේ වසරේ සිදුව ඇති මරණ පිළිබඳව වෙබ් පිටුව එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවනවා.

එහි තුන්වන ස්ථානය හිමිව ඇත්තේ මෙවර අවසාන වූ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාල වෙබ් පිටුවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page