උණුසුම් පුවත්

මෙරට කෘෂිකර්මාන්තයට ඉදිරියටත් උපකාර කරන බව එක්සත් ජාතීන් කියයි..

එක්සත් ජාතීන්ගේ සංවිධානයට  අනුබද්ධ ආයතන මගින් ලබා දුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව  එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත මාක් ඇන්ඩෘ පවසා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කල බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කලේ.

පසුගිය වගා කන්න තුන තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල වැනි ආයතන මගින් මෙරටට සහය ලබා දුන්නා.

 කෘෂිකර්මාන්තයේ දායකත්වය ඉහළ නැංවීමට ගොවි ජනතාවට පොහොර, ඉන්ධන මෙන්ම මුල්‍යාධාර ද එමගින් ලබාදීමටයි කටයුතු කලේ.

කෘෂිකාර්මික පාරිසරික සංවර්ධනය, ජල කළමනාකරණය, දේශගුණ විපර්යාසවලින් මෙරට කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම , කෘෂිකාර්මික තාක්ෂණය හදුන්වා දීම වැනි අංශ කෙරෙහිද අවධානය යොමුව තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page