උණුසුම් පුවත්

මෙරට මුහුදට ඇතුල් වී ධීවර කටයුතු සිදුකිරීමට තමිල්නාඩු ධීවරයක් කළ ඉල්ලීම ඉවත දමයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා
අමාත්‍යවරයා සඳහන් කළේ, තමිල්නාඩු ධීවර අමාත්‍ය අනිතා රාධා ක්‍රිෂ්ණන් මහතා දුරකතන සංවාදයකදී මෙම ඉල්ලීම කළ බවයි
දෙරට අතර ධීවර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තෙක් සීමිත කාලයකට සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වීමට අවසර දෙන්නැයි තමිල්නාඩු ධීවර අමාත්‍යවරයා එම දුරකතන සංවාදයේදී ඉල්ලීමක් කර තිබෙනවා .
ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේ, මෙරට මුහුදට ඉන්දීය ධීවරයින් ඇතුළු වීම නතර කරන බවට තමිල්නාඩු රජය සහතික වීමෙන් අනතුරුව පමණක් ධීවර ගැටලුරෑව පිළිබඳ සාකච්ඡා කළ හැකි බවයි.
මේ අතර ඉන්දු – ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා යළි ආරම්භ කරන්නැයි ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවා
අවසන්වරට ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුරෑව පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ 2022 වසරේ මාර්තු මාසයේදීයි.
මෙරට මුහුදු සීමාවට දෙවැනි වරටත් ඇතුළු වීම හා ඨඡී උපකරණ භාවිත කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම යන චෝදනා දෙකකට වරදකරුවන් වූ ඉන්දීය ධීවරයින් 5කට අධිකරණය පසුගිය දා සිර දඬුවම් නියම කළා
ඉන් අනතුරුව තමිල්නාඩුවේ රාමේෂ්වන් ඇතුළු විවිධ ප්‍රදේශවල ධීවරයින් විරෝධතා ආරම්භ කළ අතර යාපනයේ ධීවරයින් පසුගිය සෙනසුරාදා ඉන්දීය මුහුදු සීමාව අසළට ගොස් කලුරෑ කොඩි ඔසවා විරෝධතාවක නිරත වුණා
මේ අතර ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේ, මෙරට ධීවරයින්ගේ විරෝධතා හේතුවෙන් ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේ අඩුවක් දැකිය හැකි බවයි.
කෙසේ වෙතත් වසරේ මුල් මාස දෙක තුළ පමණක් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 88දෙනෙකු  සහ  යාත්‍රා 12ක් නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබෙනවා

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page