උණුසුම් පුවත්

මෙරට මූලික අයිතිවාසිකම් කඩවීම් ගැන එක්සත් ජාතින්ගේ කනස්සල්ල..

ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් පවසනවා.
ඔන්ලයින් ආරක්ෂණ පනත, ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත් කෙටුම්පත ඇතුළු රජය විසින් හඳුන්වාදී ඇති නව පනත් කෙටුම්පත් මගින් රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස සීමා වන බව ඔහු පෙන්වා දුන්නා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී අදහස් දක්වමින් මානව හිමිකම් මහකොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කලා.
විධායකයට සහ ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබාදෙමින් හඳුන්වා දී ඇති මෙම නව නීති මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
 ආර්ථික අර්බුදය මෙන්ම දරිද්‍රතාවය සහ ජනතාවගේ ආදායම් මට්ටම පහත වැටීම පිළිබඳව ද ටර්ක් එහිදී අදහස් දක්වා තිබෙනවා.
මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කර නඩු පැවරීම සඳහා විශ්වසනීය වගවීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කලා.
සැබෑ සංහිදියාව සහ තිරසර සාමය ළඟා කරගැනීමට රජය කැපවී කටයුතු කළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් වැඩිදුරටත් සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page