විදේශීය

රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ 18 ක් ජීවිතක්ෂයට.

යුක්‍රේනයේ ඓතිහාසික නගරයක් වන චනිගිව් නගරයට එල්ල වූ රුසියානු   මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් සියයකට ආසන්න පිරිසක් එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.
මියගිය පිරිස අතර ළමුන් සිව් දෙනෙකුද වනවා.
රුසියාව විසින් එම ප්‍රහාරය සඳහා මිසයිල 03ක් යොදා ගෙන ඇති බව සදහන්.
ගොඩනැගිලි කිහිපයක් එම ප්‍රහාරයෙන් විනාශ වී තිබෙනවා.
කෙසේ වෙතත් අතුරුදන්වු පුද්ගලයන් සොයා සිදුකල මෙහෙයුම්  ඊයේ දිනයේදී අවසන් කර ඇති බව එම මාධ්‍ය වාර්තා සදහන් කලා.
තුවාල ලැබු පුද්ගලයන් 37 දෙනෙකු පමණ මේ වනවිට රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page