උණුසුම් පුවත්

ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම සිය අපේක්ෂාව බව ජනාධිපති කියයි..

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම සිය අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ඔවුන්ට හිමිවනු ඇති බවයි ඒ මහතා කියා සිටියේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ 125 වන සංවත්සර සැමරුමට එක් වෙමින්.
දේශපාලනය සහ ක්‍රීඩාව වෙන්කර තබා ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.
දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබාදීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් එස්එස්සී ක්‍රීඩකයන් ඇගයීමට ලක් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් එහිදී සිදු වූ බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page