ක්‍රීඩා

ලෝක කුසලාන දිනූ ඔස්ට්‍රේලියානු නායකත්වයට ඉන්දියාවෙන් පැසසුම්..

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ග්ස්ගේ තීක්ෂණ නායකත්වය හේතුවෙන් ලබා ගැනීමට හැකිවු බව  ඉන්දීය හිටපු පිතිකරු සුරේෂ් රයිනා පවසනවා.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරු ව පළමුවෙන් පන්දු යැවීම සඳහා ඔහු සතු වූ නිර්භයත්වය ඊට කදිම සාක්ෂි සපයන බවයි ඔහු කියා සිටියේ.

 සිය පන්දු යවන්නන් මනාව කළමනාකරණය කළ ආකාරය, ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව උපාය උපක්‍රම භාවිතය ද පැට් කමින්ස් ගේ නායකත්වයේ විශිෂ්ට ලක්ෂණ ලෙස සුරේෂ් රයිනා හඳුන්වා දී තිබෙනවා.

එම කණ්ඩායමේ පන්දු රැකීම තුළ තිබූ විශේෂ දක්ෂතා සම්බන්ධයෙන්ද ඔහු අදහස් ප්‍රකාශ කර ඇති බව සදහන්.

මෙම සියලු ප්‍රතිඵල පැට් කමින්ස් ගේ නායකත්වයේ ඇති විශිෂ්ටත්වයේ ලක්ෂණ බව සුරේෂ් රයිනා වැඩිදුරටත් කියා සිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page