දේශපාලන දේශීය ප්‍රධාන පුවත්

වසන්ත මුදලිගේ ලබන 31 වනදා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 31 වනදා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.ඔහුගේ ඇප ඉල්ලීමට අදාල ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන 24 වනදාට පෙර ගොනු කරන ලෙසත් ඉන් අනතුරුව ඒ පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා කියා සිටියා.මේ අතර අත්අඩංගුවේ පසුවන වසන්ත මුදලිගේ වහා නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් සංවිධාන 7 ක් ඒකාබද්ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයල හියුමන් රයිට්ස් වොච් ඇතුළු මානව හිමිකම් සංවිධාන හතක් ඒ අතර වනවා.

දින 150 ක කාලයක් ගත වුවද ඔහුට එරෙහිව කිසිදු ත්‍රස්තවාදි ක්‍රියාවක් නීතිය හමුවේ ඔප්පු කිරීමට බලධාරින් අසමත්ව ඇති බව ද අදාල නිවේදනයේ සඳහන්.ආණ්ඩුව අත්තනෝමතික ලෙස මෙම ශිෂ්‍ය ක්‍රියාකාරි නායකයා රඳවා තබා ගැනීම දැඩිලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව ඔවුන් පෙන්වා දෙනවා.ඒ අනුව ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතින් උල්ලංඝණය කරමින් රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කිරීමට බලධාරින් වහා පියවර ගතයුතු බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page