දේශීය

ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි..

ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ලෝරිස් පාරේ පිහිටි අදාළ අධ්‍යාපන ආයතනය වටලා සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කලේ.

සැකකාරිය අවුරුදු 24ක් වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සදහන්.

දේශීය හා විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබාදෙන බවට ෆේස් බුක් දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවා ගෙන මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන වැඩමුළු පවත්වමින්, නීත්‍යානූකූල අනුමැතියකින් තොරව අධ්‍යාපනය ලබාදීමෙන් පසු එම ආයතනය මඟින් ව්‍යාජ ඩිප්ලෝමා සහතික නිකුත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් තොරවයි එම ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ.

එහිදී රුපියල් ලක්ෂයේ සිට 445,000.00 දක්වා මුදල් වංචාකර ඇතිබව විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.

ඊට අදාළ පැමිණිලිද රැසක් ලැබී ඇති බවයි පොලීසිය සදහන් කලේ.

එම ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරවයි.

දිවයිනේ ප්‍රදේශ රැසක දහසකට අධික පිරිසකගෙන් සැකකාරිය මුදල් වංචාකර ඇති බවද සඳහන්.

රැකියා දැන්වීම් පළකරමින් මෙම ආයතනය මේ වනවිටත් මුදල් එකතු කිරීමේ නිරතවන බවටයි තොරතුරු හෙලිවී ඇත්තේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page