මුළු දිවයිනේම විදුලිය සැපයීම යලිත් යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා
ඊයේ පස්වරුවේ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදු වුණා.
ඒ කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන්.
විදුලිය බිඳවැටීම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට පැය 4කට ආසන්න කාලයක් ගත වුණා
පද්ධති දෝෂයක් හේතුවෙන් දිවයින පුරා මෙලෙස විදුලිය බිඳවැටීමක් සිදුවූ බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ.
මෙලෙස විදුලිය බිඳ වැටී ඇත්තේ එම අධි වෝල්ටීයතා රැහැන් පද්ධති 2 කට සිදුවූ අකුණු සැර වැදීමකින් බවට විදුලිබල මණ්ඩලය සැක පළ කරනවා.
Leave feedback about this