ප්‍රධාන පුවත්

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාලය හරහා ගමන් බලපත් අයදුම්කරීමේ ඉඩ..

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍ර සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

ගමන්බලපත් අලුත් කිරීම සඳහා අයදුම් කිරීමද ඒ හරහා සිදුකළ හැකි බව සඳහන්.

පසුගියදා කාරක සභාව රැස්වු අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබෙනවා.

සාකච්ඡාවට එක්වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කර ඇත්තේ නව ක්‍රමවේදය ජූනි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලවල වෙත නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව ජුනි පළමුවනදා සිට ලැබීමට නියමිතයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page