දේශීය

වියළි කාලගුණයත් සමග බඳුල්ල ගිනි තැබීම් ඉහලට..

බදුල්ල දිස්ත්‍රික්කයේ බහුල වශයෙන් කැලෑ ගිනිතැබීමේ සිදුවීම් වාර්තා වන බව එම දිස්ත්‍රික් අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සඳහන් කළේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 15 ක සිදුවීම් බහුලව වාර්තා වන බවයි.

කැළෑ ගිනිතැබීම් නිවා දැමීම සඳහා අවශ්‍ය පහසුකම් හා තාක්ෂණය තමන් සතුව නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියා.

ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගිනි නිවන ඒකකවල සහයෝගයෙන් මෙම ගිනිගැනීම් පාලනයට උත්සහ දැරුවද ඇතැම් අවස්ථාවලදී ඒවා සාර්ථක නොවන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර හුන්නස්ගිරිය, නාවනගල කන්ද ප්‍රදේශයේ හා කලුගල යහන්ගල යන ප්‍රදේශවලද හදිසි ගිනිගැනීම් වාර්තා වී තිබෙනවා.

උඩුදුම්බර පොලිසියට ලද තොරතුරක් මත, පොලිසිය හා හුන්නස්ගිරිය අඩවි වන කාර්යාලයේ නිලධාරින් හා එක්ව ගින්න මැඩපවත්වා ඇති බව සඳහන්.

එම ප්‍රදේශය ජන ශූන්‍ය ප්‍රදේශයක් වනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page