ක්‍රීඩා

ශ්‍රී ලංකාවට 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය අහිමිවෙයි..

 2025 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබාගැනීමට තිබු අවසන් අවස්ථාව අහිමි වී තිබෙනවා.

ක්‍රිකට් ඉතිහායේ පළමුවරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොමැතිව ක්‍රීඩා කරන තරගාවලිය එය වනු ඇති.

2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගන්නවාද නැද්ද යන තීරණයට සෘජුව බලපාන තීරණාත්මක තරගයක් ඔස්ටේ්‍රලියාව සහ බංග්ලාදේශය අතර පෙරේදා පැවැත්වුණා.

එම තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකරගත්තේ ඔස්ටේ්‍රලියාවයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 308ක් රැස්කරගත්තා.

ඕස්ටේ්‍රිලියාව පන්දුවාර 44යි පන්දු 4කදී කඩුලු දෙකක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව තරග 2 බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටියද බංග්ලාදේශ කණ්ඩායමේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගෙන තිබුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page