ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලිකව තහනම්.. කොන්දේසි 21 දා.. 19 පහල සත්කාරකත්වයත් අහිමිවන ලකුණු..

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි කටයුතු ස්වාධීනව කළමනාකාරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ / හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම ඊට හේතුව බව පැවසෙනවා.

තහනමට අදාල කොන්දේසි ඉදිරියේදී පැනවීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා තිබෙනවා. එහි ඊලඟ රැස්වීම මෙම 21 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ ස්තර 2024 ජනවාරි සහ පෙබරවාරි මාසවල දී වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන බවත් මෙම තහනම එතෙක් පැවතුනහොත් එහි සත්කාරකත්වය දවෙනත් රටකට හිමි වනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග දක්වනවා.

ගත වූ වසර හතරක් තුළ ක්‍රිකට් තාවකාලිකව තහනම් වූ දෙවන රට ශ්‍රී ලංකාව වනවා.

මීට පෙර සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ආණ්ඩුවේ බලපෑම් එල්ල වීම හේතුවෙන් ඔවුන්ට 2019 දී තාවකාලික ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page