ක්‍රීඩා දේශීය

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ නිලධාරීන් හට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.ඒ, එම තනතුරුවල කටයුතු කිරීම හෙට දින තෙක් අත්හිටුවන ලෙස දන්වමින්. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් මහතා විසින් මෙම රිට් පෙත්සම ගොනුකර තිබුණා.ඒ අනුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එය සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page