2023 ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද ආරම්භ කෙරුනා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු සිදු කරන බවයි.
අද සිට මෙම 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයිම සිදු කිරිමටයි සැලසුම් කර ඇත්තේ.
මාතර දිස්ත්‍රික්කයේ පමණක් පාසැල් වාර විභාග පැවැත්වෙන බැවින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීිම හෙට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.
2023 ශිෂ්‍යත්ව විභාගය ඉකුත් 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2888 කදී පැවති අතර ඊට සිසුන් තුන් ලක්ෂ 37596 ක් පෙනී සිටියා.
මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට දිනයෙන් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
තෙවන පාසල් වාරය නොවැම්බර් මස 1 වන බදාදා ආරම්භ කිරීමට නියමිතයි.
Leave feedback about this