උණුසුම් පුවත්

සතොස ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි..

උත්ත්ව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය මගින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළදමා තිබෙනවා.
ඒ අනුව එය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සදහන්.
වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල ් රුපියල් 850 ක්.
චීනයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 120කින් පහළ දමා තිබෙනවා.
 එහි නව මිල රුපියල් 375ක් බව සදහන්.
 ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 50කින්  රුපියල් 445 දක්වා අඩුකර තිබෙනවා.
සුදු ලූණු කිලෝවක් රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 680ක් වනු ඇති.
අර්තාපල් අල කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165 ක්.
 රතු පරිප්පු කිලෝවක් රුපියල් 7කින් ද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල්
 3  කින් ද පහළ දැමීමට ලංකා සතොස ආයතනය විසින ්පියවර ගෙන තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page