දේශීය

සතොස ආහාර ද්‍රව්‍ය නවයක මිල අඩුකරයි..

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස විසින් භාණ්ඩ වර්ග 09 ක මිල ගණන් පහළ දමා තිබෙනවා.
ඒ අනුව සතොස කිරිපිටි ග්‍රෑම් හාරසියයේ පැකට්ටුවක මිල රුපියල් 29කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 970ක්.
සෝයා මීට් කිලෝ 1ක මිල රුපියල් 25කින් පහළ දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 625ක්.
ඒ අනුව තායි හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 1160 ක්
එය රුපියල් 15කින් අඩුකර ඇති බව සඳහන්.
භාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 1ක නව මිල රුපියල් 675ක් වනවා.
එය අඩුකර ඇත්තේ රුපියල් 15කින්.
දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 350ක් දක්වා මිල අඩුකර කිරීමට කටයුතු කර තිබෙනවා.
අර්තාපල් කිලෝ එකක් රුපියල් 325ක්, කඩල කිලෝ එකක් රුපියල් 555ක්, සුදු ලූණු කිලෝ එකක් රුපියල් 630ක් ලෙස මෙලෙස මිල පහල දමා ඇති බව සඳහන්.
අදාළ ද්‍රව්‍ය මිල රුපියල් 05කින් මෙලෙස අඩුකර තිබෙනවා
රතු කැකුළු සහල් කිලෝ එකක නව මිල රුපියල් 147ක් වන අතර එය රුපියල් 2 කින් අඩුකර ඇති බවයි සතොස ආයතනය නිවේදනය කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page