ඉදිරි දෙසතිය තුල සියලු ̈ ආගමික මධ්‍යස්ථාන හා ආගමික ආයතන
ලියාපදිංචිය අනිවාර්ය කර එය නීතියක් ලෙස බලාත්මක කිරීමට රජය තීරණය
කර තිබෙනවා.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බවයි බුද්ධශාසන ආගමික හා
සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ආගමික මෙහෙයන් සිදුකළ මිරැකල් ඩෝම් නම්
ස්ථානය පිළිබඳව කළ විමසීමකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
එය ආගමික මධ්‍යස්ථානයක් ලෙස මෙරට ලියාපදිංචි කර නොමැති බවට
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව තමන් දැනුවත් කළ බවද අමාත්‍ය
විදුර වික්‍රමනායක මහතා සඳහන් කළා.
5000ක පමණ පිරිසකට රැස්විය හැකි මිරැකල් ඩෝම් නම් ආගමික
මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා 2011 වසරේදී නාගරික සංවර්ධන අධිකාරියේ සහ
කටුනායක සීදූව නගර සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
මෙරට ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන අතර,
එලෙස ලියාපදිංචි නොකළ තවත් ආගමික මධ්‍යස්ථාන හා ආයතන
ගණනාවක් පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
Leave feedback about this