උණුසුම් පුවත්

සිරගෙදර සිටි රුසියානු විපක්ෂ නායක අතුරුදන්..

සිර දඬුවමකට ලක්ව සිටින රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි රඳවා සිටි බන්ධනාගාරයෙන් අතුරුදන් වී තිබෙනවා.

 ඔහු මේ වනවිට එම බන්ධනාගාරයේ නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කළේ  ඔහුට සිදුවූයේ කුමක්දැයි කිසිවකු විසින් තමන්ට දැනුම් දී නොමැති බවයි.

ඇලෙක්සි නවාල්නි රජයට විරුද්ධව කුමන්ත්‍රණය කළේ යැයි චෝදනාවට වරදකරුවෙකු වී තිබුණා.

මේ හේතුවෙන් ඔහුට වසර 19ක සිර දඬුවමක් නියම කිරීමටයි එරට අධිකරණය පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත් නවාල්නිගේ ආධාරකරුවන් අවධාරණය කළේ මෙම අත්අඩංගුවට ගැනීම සහ සිරගත කිරීම රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් පිලිබඳ විවේචන යටපත් කිරීමට දැරූ උත්සහයක් බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page