උණුසුම් පුවත්

සීඅයිඩී වෙස් ගෙන කප්පම්ගත් හතරක් දැලේ..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙහිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් සිදුකල පැමිණිල්ලක් මත කොල්ලුපිටිය ප්‍රදේශයේදී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සඳහන් කලේ.
පැමිණිලිකාර ව්‍යාපාරිකයාට විරුද්ධව විමර්ෂණයක් පවතින බව සඳහන් කරමින් කොල්ලුපිටියේ පිහිටි ව්‍යාපාරිකයාට අයත් නිවසක් මෙම සැකකරුවන් විසින් පරීක්ෂා කර තිබෙනවා.
එහිදී රුපියල් එක්කෝටි විසිලක්ෂයක් සහ ඩොලර් 3,500 ක් සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබුණා.
ඉන් අනතුරුව ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් මගින් ඔහුට විරුද්ධව විමර්ෂණ පවතින බැවින් ඒ සඳහා සහයවීමට නැවත රුපියල් කෝටි 4 ක මුදලක් ඉල්ලා තිබෙනවා.
පසුව එම මුදල කෝටි තුනහමාරක් දක්වා අඩුකර ඉන් රුපියල් කෝටියක මුදලක් අත්තිකාරමක් ලෙස ඉල්ලා ඇති බව සඳහන්.
පසුව ව්‍යාපාරිකයා විසින් සිදුකල පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිළධාරින් විසින් සැකකරුවන් තිදෙනෙක් සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page