උණුසුම් පුවත්

සුව වර්ජනය පැය 24 කට කල් දමයි..

අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
රෝහල් 10 ක අද පෙරවරු 6.30 ට මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුනා.
ඒ අනුව පැය 04ක කාලයක් සේවාවලින් ඉවත්වී වැඩ වර්ජනයක නිරත වන බවටයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු චානක ධර්මවික්‍රම මහතා අනතුරු අගවා තිබුණේ.
කොළඹ ජාතික රෝහල, කරාපිටිය, යාපනය, මඩකලපුව සහ  පේරාදෙණිය ශික්ෂණ රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක බව සඳහන්.
 කෑගල්ල , පොළොන්නරුව , ත්‍රිකුණාමලය,  වව්නියාව මහ රෝහල් සහ  මන්නාරම මූලික රෝහලේ වැඩ වර්ජනය ක්‍රියාත්මක බවද සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page