උණුසුම් පුවත්

සේවය හැරගිය යුධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්..

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට අද සිට ලබන මස 20 වැනිදා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එම කාලසීමාව තුළ ඔවුන්ට යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට අවසර හිමිවනු ඇති.
තමන් අයත්වන රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධවී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට මෙම කාලය තුළ ක්‍රියා කළ හැකි බවයි යුද හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත්තේ.
මේ යටතේ යුද හමුදා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්, වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායා පිටපතක්, අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද පත්‍රිකාවේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතු වනවා.
නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකළ නිලධාරි හා සෙසු නිලයන් අදාල ලියවිලි තම රෙජිමේන්තුවට බාරදිය යුතු බව සඳහන්.
ඒ අනුව පැය 72 ක කාලසීමාවක් තුළ අදාළ කටයුතු නීත්‍යනුකූලව සිදුකිරීමට පියවර ගන්නා බවයි යුද හමුදා මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page