උණුසුම් පුවත්

හිටපු ඇමති කෙහෙලියට එරෙහි තවත් නඩුවක් විභාගයට..

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියමකර තිබෙනවා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැයකර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යකඩ බට මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට චෝදනා එල්ලවී ඇති බව සදහන්.
ඒ අනුව අල්ලස් කොමිසම විසින්, එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රුබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව ඊයේ කැඳවා තිබුණා.
එම අවස්ථාවේදී නඩු විභාගය සඳහා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අධිකරණයට ඉදිරිපත් කර ඇතිබව සදහන්.
 පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ විනිසුරුවරයා එය අගෝස්තු මස 29 වනදා නැවත කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page