රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.
ඒ අනුව බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ මැගසින් බන්ධනාගාරයට රැගෙන එනු ලැබුවා.
එහිදී වෛද්‍යවරයෙකු විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පරික්ෂා කර තිබෙනවා.
එම වෛද්‍යවරයා ලබා දුන් නිර්දේශ මත හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසුවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ පෙරවරුවේ මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
මාලිගාකන්ද අධිකරණයට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රැගෙන ආ අවස්ථාවේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් එම ස්ථානයේ නිහඬ විරෝධතාවක නිරත වුණා.
දේශපාලන
හිටපු සෞඛ්‍ය ඇමති බන්ධනාගාර රෝහලට..
- February 4, 2024
- 0 Comments
- Less than a minute
- 4 months ago
Leave feedback about this