ප්‍රධාන පුවත්

ළමා ලාදුරු රෝගයේ ව්‍යාප්තියක් පෙන්වයි..

මෙරට ළමා ලාදුරු ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ලාදුරු රෝග මර්ධන ව්‍යාපාරය පවසනවා.

පසුගිය වසරේ වාර්තා වූ රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 11.1 ක් බවත් වසරේ මේ වනවිට එම අගය සියයට 8.4 ක් බවත් ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසනවා.

ළමා රෝගීන්ගේ ප්‍රතිශතය අඩුවීම රටක ලාදුරු පැතිරීමේ අඩුවීමක් ලෙස ගණන් ගැනෙනවා.

එය සියයට 4 ට වඩා අඩු ප්‍රතිශතයක පැවතිය යුතුයි.

පවතින තත්ත්වය තුළ එය අසීරු කාර්යක් බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා වැඩි දුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් 2030 වසර වනවිට ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය අවම මට්ටමකට ලඟාකර ගැනීමට සැලසුම් කර ඇති බවද සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page