13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම මේ අවස්ථාවේදී වැදගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසනවා.අද පෙරවරුවේ පැවති ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මේ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේ දී දැනුම් දුන් බව යි.දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේ දී.අනතුරු ව ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ද සහභාගීත්වයෙන්.
උණුසුම් පුවත්
දේශපාලන
දේශීය
ප්‍රධාන පුවත්
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිරීම මේ අවස්ථාවේදී වැදගත්
- January 20, 2023
- 0 Comments
- Less than a minute
- 1 year ago
Leave feedback about this