2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.එම විභාගය ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.එය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාරක පංති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් කළයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ද නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.මේ අතර උසස් පෙළ විභාගයට අඛණ්ඩව විදුලිය ලබාදීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ අනුව අදාළ කාලසීමාව තුළ සහ විභාගයට පෙර අඛණ්ඩව විදුලිය ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.කෙසේ වෙතත් මෙතෙක් ඒ පිළිබඳ නිසි තීරණයක් ගෙන නොමැති අතර ඊට මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ, ලබාගැනීමට ද නියමිතයි.
Leave feedback about this