දේශීය

2022 වසරේ දුම්රිය ගමන්වලින් සීයට හැත්තෑදෙකක් අවලංගු වෙලා.. විගණන වාර්තාවෙන් හෙලිවේ..

2022 වසර තුළ සැලසුම් කළ දුම්රිය ගමන් වාර සංඛ්‍යාවෙන් සියයට 27ක් පමණක් නියමිත වේලාවට ධාවනය කර ඇති බව විගණන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

එම වසරේ අවලංගු වූ සහ ප්‍රමාද වූ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 88,149ක්.

එය මුළු ගමන් වාර සංඛ්‍යාවෙන් සියයට 72 ක් වැනි ඉහළ ප්‍රතිශතයක් බව සදහන්.

  වෘත්තිය සමිති නොදන්වා ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්රිය ප්‍රමාද වීම් හා අවලංගු වීම් වලට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇති.

 2022 වසරේ නිකුත් කළ විගණන වාර්තාවට අනුව දුම්රිය ගමන්වාර එක්ලක්ෂ 20,993ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.

එහෙත් ඉන් නියමිත වේලාව තුළ ධාවනය වී ඇත්තේ දුම්රිය ගමන්වාර 32,844ක් පමණයි.

එය සැලසුම් කළ දුම්රිය ගමන්වාර සංඛ්‍යාවෙන් සියයට 27ක් වැනි අඩු ප්‍රතිශතයක් වනවා.

එම වසර තුළ පමණක් දුම්රිය ගමන්වාර 10,077ක් අවලංගු වී තිබෙනවා.

ඒ අනුව අවලංගු වීම් සහ ප්‍රමාද වීම් සිදු වූ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 88,149ක්.
එය ප්‍රතිශතයක් ලෙස සැලසුම් කළ මුළු දුම්රිය ගමන්වාර සංඛ්‍යාවෙන් සියයට 72ක් බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page